මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතයි.

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉන් අනතුරුව සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ තම දෙපාර්තමේන්තුව වෙත ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *