වී අළෙවි මණ්ඩලයට අයත් අනුරාධපුර ගබඩා විවෘතකොට දින දහයක කාලයක් ගතවනවා.

නමුත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් කිසිවෙකුත් වී අළෙවි නොකළ බව වී අළෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශිය කළමණාකරු පවසන්නේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධානම ගබඩාව වන ,අනුරාධපුර නගරයේ පිහිටි සේනානායක ගබඩාව, නොච්චියාගම ගබඩාව හා කැකිරාව යන ප්‍රදෙශවල ඉහිටි ගබඩා මීට දින දහකට පෙර විවෘත කළ.

එහෙත් මේවනවිටත් කිසිඳු ගොවියෙකු තම වී අස්වැන්න අළෙවිය සඳහා රැගෙන විත් නොමැති බවයි ඒ මහතා පැවසන්නේ

ගොවීන් විසින් තම වී අස්වැන්න කල්තබා විකිණීමත් ,රජයේ අනුමත මිලට වඩා වැඩි මිලට පෞද්ගලික වී මෝල් හිමියන් මිලදි ගැනීමත් මේ සඳහා හේතු වී ඇති බවයි වී අළෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රදේශීය කළමණාකාර නිමල් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *