බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් වලට ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

කළු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණියට අයත් ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

තවදුරටත් වර්ෂාව ඇදහැළෙමින් පවතින බැවින් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි.

එම ප්‍රදේශවල අතුරු මාර්ග ජලයෙන් යට වීමේ අවධානමක් පවතින අතර ඒ හේතුවෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසද වාරිමාරිග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *