හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරීමට ලබා දි ඇති මත් පැන් අලෙවි බලපත්‍රය අවලංගු කරන ලෙස බලකරමින් වටවල ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක් පවත්වා තිබෙනවා.

බලපත්‍රය අවලංගු නොකලහොත් වටවල ප්‍රදෙශයේ කිසිඳු ඡන්ද දායකයකු ජනාධිපතිවරණයේදි කිසිඳු අපේක්ෂකයෙකුට ඡන්දය භාවිත නොකරන බවටයි උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවන් පවසා සිටින්නේ.

උද්ඝෝෂණයේ නිරත වූ වතු කම්කරුවන් කියා සිටියේ තමන්ට රජයෙන් වැඩිකළ රුපියල් 1700ක වැටුප ලබා නොදීමට රජය කටයුතු නොකර සිටියදී , දැනට දෛනිකව ලබාදෙන රුපියල් 1000 වැටුපෙන් ජීවත් වීමට ප්වා නොහැකිව සිටියදී මෙම මත්පැන් අළෙවිසැල විවෘත කළහොත් තමන්ගේ ආර්ථිකය තවදුරටත් පහතට වැටෙන බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *