බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් පැමිණෙමින් සිටි පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටී තිබෙනවා.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ තිදෙනෙකු බරබතල තුවාල ලබා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලබ ඇත්තේ මීගහකිවුල ,කරදගහමඩ, අලුත් කෑල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73, 67 සහ 43 යන වයස්වල පසුවන එකම පවුලේ බිරිඳ ස්වාමිපුරුෂයා සහ ලේලියයි.

ත්‍රිරෝද රථය ධාවනය වෙමින් තිබියදි එහි ඉදිරිපස රෝදය සවිකර ඇති ඇක්සලය කැඩීයාමෙන් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව තිබෙනවා.

එහිදි ත්‍රිරෝද රථය ඉදිරිපසින් පැමිණි බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බස් රථයේ ගමන්ගත් වයෝවෘද්ධ කාන්තාවකගේ පාදයක සහ අතක අස්ථි බිඳීමක්ද සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *