එළඹෙන ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අද දිනයේ ආරම්භ වූ අතර නියෝජ්‍ය තැපැල්පති  රාජිත කේ.රණසිංහ මහතා සඳහන් කළේ එම කටයුතු මේ වනවිට ඉතා සාර්ථකව සිදුවන බවයි.

මේ අතර මෙම ඡන්ද දැන්වීම් පත්‍රිකා අනෙකුත් ලිපි මෙන් නිවසේ ඇති ලියුම් පෙට්ටියට බහාලීමක් සිදුනොකරන බැවින් එම ඡන්ද පත්‍රිකා ලබා ගැනීම සඳහා නිවසේ කිසියම් අයෙකු රැඳී සිටීම අනිවාර්‍ය බවයි ඒ මහතා පැවසුවේ.

නිලඡන්ද පත්‍රිකා බෙදා හැරීම ලබන14 වනදා දක්වා සිදුකරන අතර, ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස සලකා සැප්තැම්බර් 08 වන ඉරිදා දිනයේත් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදුකරන බවද නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ.රණසිංහ මහතා පැවසුවා.

සැප්තැබර් 14 වනදා තෙක්ම සිය නිල ඡන්ද පත්‍රිකා නොලැබුණේ නම් තමන්ට අදාළ තැපැල් ස්ථානය වෙත ගොස් , තැපැල් ස්ථානාධිපතිවරයාට සිය අනන්‍යතාවය තහවුරු කර අදාළ ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ඒ අනුව ඡන්ද දිනය තෙක්ම එම පහසුකම ලබාදෙන බවද නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ.රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *