කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මීට සුලු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඒ රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තලතා අතුකෝරල මන්ත්‍රිවරිය එම ධුරයෙන් ඉල්ල අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය සඳහා කරුණාරත්න පරනවිතාන මහතගේ නම පසුගිය 28 වනදා ගැසට් කරනු ලැබුවා.

ඒ අනුවයි ඒ මහතා අද එම ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ.

කරුණාරත්න පරණවිතාන මහතා 2020 මහමැතිවරණයෙන් සමඟි ජනබල්වේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප 36787 ක් ලබාගනිමින් මනාප ලැයිස්තුවේ සිවැනි ස්ථානයට පත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *