මහජන ආරක්ෂාව සඳහා දිවයිනපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාතිපතිවරයා ආඥාවක් නිකුත්කර තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේදි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව දැනුම් දුන්නා.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත්කර ඇත්තේ හතළිස්වන අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස්වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

මේ අතර මේ සතිය සඳහා පාර්ලිමේන්තුව අද සහ හෙට රැස්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *