නඩු ගාස්තු ලබාගෙන එම නඩුවලට පෙනී නොසිට නීතිඥවරයෙකුට නොගැලපෙන ලෙස හැසිරීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥවරයෙකු නීතිඥභාවයෙන් නෙරපා තිබෙනවා.

ඒ නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතායි.

හිමි නමකගෙන් ඉඩම් නඩු දෙකකට පෙනීසිටීම සඳහා රුපියල් ලක්ෂ 44ක ගාස්තු ලබාගත්තද අදළ නීතිඥවරයා එම නඩු වලට පෙනී සිට නැහැ.

ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු මෙවැනි අකාරයේ ක්‍රියාවක් නොකල යුතු බව තීරණය කරමින් ඔහු නීතිඥවෘත්තියෙන් නෙරපා හැරීමට නියෝගකළ ශ්‍රේෂ්ඨාධිකරණය මාස තුනක් ඇතුළත රුපියල් ලක්ෂ 30ක වන්දියක් පෙත්සම්කාර හිමිනමට ගෙවීමටද නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතාට නියෝග කළා.

දිවුලපිටිය වැල්ලව ශ්‍රි චන්දානන්ද හිමියන් ගොනුකර තිබූ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදුකළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන එස් තුරෙයි රාජා , කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාග කෙරුණා.

සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් යුතුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා තීන්දුව ලබා දුන්නා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *