බිබිල නාගල ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබෙනවා.

අනතුර සිදුවී ඇත්තේ අද (05) රාත්‍රී 7:30ට පමණය.

පොලීසිය සඳහන් කළේ බිබිල පොලිස් වසමේ බිබිල අම්පාර මාර්ගයේ නාගල ප්‍රදේශයේදී බිබිල දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක එම දෙසටම ඊට පසුපසින් ධාවනය වූ ලංගම බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවය.

පෞද්ගලික බස් රථයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන පිරිසක් ගමන් කර තිබේ.

අනතුරින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් 47 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බිබිල රෝහලට ඇතුළත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *