සමාජ මාධ්‍ය භාවිත කරමින් ඇතැම් පුද්ගලයින් ව්‍යාජ ලෙස තැපැල් ඡන්ද ප්‍රතිඵල බව පවසමින් තොරතුරු වාර්තා කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

“ප්‍රතිඵල නිකුත් කරනවා සමහර සමාජ මාධ්‍යජාල. අපට ලැබිලා තියෙනවා පුද්ගලයෙකු දාපු පෝස්ට් එකක්. මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවටත් අදාළ තැන්වලටත් දැනුවත් කිරීම් සිදුකළා. මෙවැනි ව්‍යාජ ප්‍රතිඵල සඳහන් කිරීම, සාධාරණ මැතිවරණ කඩාකප්පල් කිරීම සඳහා චේතනාන්විතව කරන ක්‍රියාවක් කියලා තමයි පෙනි යන්නේ.

මේ තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුකරන්නේ සාමාන්‍ය ඡන්ද ගන්න කිරීම සිදුකරන දවසේ සැප්තැම්බර් 21 වනදා සවස 4න් පසුව තමයි. එම නිසා මහජනතාවට වැරදි මතයක් ගෙන යාමට කඩාකප්පල්කාරී ක්‍රියාවක් තමයි මේ සිදුකරන්නේ. ඔවුන් ඔවුන්ගේ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට වඩා එයට අගතියක් සිදුකිරීම තමයි කරන්නේ. එම නිසා මෙවැනි වැරදි තොරතුරු ජනගත කරන්න සමාජ මාධ්‍යජාල සහ මේ මත පදනම් වෙලා තමන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති වලට මෙය භාවිත නොකරනු ඇති බව විශ්වාස කරනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරලා තියෙනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *