දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ගොනුකර තිබෙනවා.

බෙල්ලන්විල රජමාහා විහාරධිපති අචාර්ය බෙල්ලන්විල ධර්මරතන, කොල්ලුපිටිය රාහුල හිමි සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරුන් විසිනුයි මෙම අතරමැදි පෙත්සම ගොන්කරනු ලැබුවේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලන නියෝගයක් ඉල්ලා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමෙන් පසුව පසුගිය ජූලි 24 වනදා ඒ මහතා එම තනතුරේ රාජකාරි කිරීම වලක්වන අතුරු තහන්ම් නියෝගය නිකුත් කෙරුණා.

අතරමැදි පෙත්සම් කරුවෝ පවසා තිබෙන්නේ ලබන 21 වන්දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු මෙහෙයවීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයාට නියෝග ලබාදීමේ හැකියාවක්ද නොමැති බවයි.

”යුක්තියේ මෙහෙයුමින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම ඉතා සාර්ථකව සිදුකළ දේශබන්දු තෙන්නකෝන් මහතා ඉතා කාර්‍යක්ෂම පොලිස්පතිවරයෙක් බවයි අදාළ පෙත්සමේ සඳහන් වන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *