අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සේවය කරන ,සියළු සේවාවන්ට අයත් නිලධාරින්ට දේශීය විදේශීය වශයෙන් ලබාදෙන වැටුප් රහිත නිවාඩු අවලංගු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

ඒ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022,14/2022[I] ,14/2022[II] ,14/2022[III], 14 /2022[IV] ප්‍රකාරවයි.

වැටුප් රහිත නිවාඩු ලබාදීම මඟින් ඇතිවන කාර්ය මණ්ඩල හිඟය පිළිබඳව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව චක්‍රලේඛයේ විධිවිදාන සහා අමාත්‍යංශ ලේකම්වරයාට පැවරී ඇති බලතල සහ අමාත්‍යංශ නිවාඩු කමිටු නිර්දේශ මත පිහිටා ඔක්තෝම්බර් බස පළමුවදා සිට වැටුප් රහිත නිවාඩු අයදුම්පත් අනුමත කිරීම අත් හිටුවන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *