අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා රැඳීසිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිදුල ” හෙන්ෆොල්ඩ් ” වතුයායෙ පිහිටි නිල නිවස අධිකරණ නියෝගයකින් නැවත වතු අධිකාරියට පවරාගෙන තිබෙනවා.

ඒ එම නිවසේ තිබූ ඒ මහතාට අයත් සියළු භාණ්ඩ සමඟයි.

අරවින්ද කුමාර් මහතා 1987 වසරේ ලිදුල හෙන්ෆෝල්ඩ් වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන්සේවය කරන කාලයේ පාලන අධිකාරිය විසින් ඒ මහතාට මෙම නිල නිවස ලබා දී තිබෙනවා.

පසුකාලයේ ඒ මහතා එම තනතුරින් ඉවත්වූ පසු නැවතත් එම නිල නිවස තමාට පවරන ලෙස වතු අධිකාරිය ඒ මහතාට පවසා තිබෙනවා.

නමුත් ඒ මහතා එම නිවස ලබා නොදී අලුත්වැඩියා කර එම නිවසේම රැඳී සිටීමට එරෙහිව වතු පාලනාධිකාරිය විසින් අරවින්ද කුමාර මහතට එරෙහිව නුවර එළිය දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

දීර්ඝ කාලයක් එම නඩුව විභාග කළ නුවරෑළිය දිසා විනිසුරුවරයා එම නිල නිවස නැවත වතු අධිකාරියට පවරන ලෙසට නියෝග කරමින් තීන්දුව ප්‍රකාශයට පත්කළා.

කෙසේ නමුත් අරවින්ද කුමාර් මහතා එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයටද පසුව ශ්‍රේෂ්ඨාධිකරණයටද අභියාචනා ඉදිරිපත් කළත් ඒවා ප්‍රතික්ෂේප වුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *