රුපියල් මිලියන 75කට වඩා වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් පේසාලේදි නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව විසින් මන්නාරම පේසාලේ මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි කේරල ගංජා කිලෝග්‍රෑම් 188කට අධික ප්‍රමාණයක් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු මැදනාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රව මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදි මුහුදේ පවෙමින් තිබූ මෙම කේරල ගංජා තොගය සොයාගෙන තිබෙනවා.

එම කේරල ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානයට භාර කළ බවයි නාවික හමුදාව පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *