ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක බදුල්ල පොලිස් ස්ථානයට කඩා වැදි එහි නිලධාරින්ට බැනවැදී තර්ජනය කර තිබෙනවා.

ඒ බදුල්ල බස් නැවතුම් පොල ඉදිරිපස පිරිසක් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් නීති විරෝධි ලෙස කටයුතු කලායැයි, පිරිස පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් උරණ වූ රාජ්‍ය අමාත්‍යවරයා පොලිස් ස්ථානයට පැමිණ මෙලෙස කළහකාරි ලෙස කටයුතු කළ බවටයි පොලිසිය පවසන්නේ.

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් ,ඒ සම්බන්ධ පාඨයන් සහිත ඇඳුම් සහිතව මැතිවරණ නීතී උල්ලංඝණය කරමින් එම පිරිස මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරතව තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසියට කඩා වැදුනු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක අදාළ පිරිස නිදහස් කරගෙන ගොස් තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *