ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කිරීමේදි වඩාත් සැලකිල්ලක් දක්වන ලෙස ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙනවා.

සමාජ මාධ්‍ය හරහා පුද්ගලයින්ට අපහාසවන ආකාරයේ පළකිරීම් පිළිබඳ වඩාත් සැලකිල්ලක් දක්වන ලෙසයි එම සංසදය පවසන්නේ.

ඇතැම් ව්‍යාජ ගිණුම් ඔස්සේ පළකරන එවැනි පළකිරීම් තම සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ හුවමාරු කිරීම මඟින් මැතිවරණ නීතිය යටතේ වැරදි කරුවෙකු විය හැකි බවද ඔවුන් ජනතාවට දැනුම් දෙනවා.

එවැනි සිද්ධින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට යොමුකිරීමට කටයුතු කරන බවද ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *