ඉතිහාසයෙ ප්‍රථම වතාවට ශ්‍රි ලංකා රේගුව සිය බදු ආදායම රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා තිබෙනවා.

අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්,‍රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ මෙම වසරෙ ජනවාරි මස 01 දා සිට සැප්තැම්බර් 06වනද දක්වා කාලය තුළ මෙම වාර්තාගත ආදායම රැස්කර ගැනීමට හැකි වූ බවයි.

ශ්‍රි ලංකා රේගුව විසින් මීට පෙර ඉපයූ වැඩිම ආදායම ලෙස 2023 වසරේ රුපියල් බිලියන 975 ක් ඉපයීමට සමත් වුණා.

මේ අතර මෙම වසර තුළ රජය විසින් රේගුවට ලබාදී තිබූ බදු ඉලක්කය වන්නේ රුපියල් ට්‍රිලියන 1.533ක්.

ඒ දැනට ලබාගෙන ඇති ප්‍රගතිය සැලකිල්ලට ගනිමින්.

රේගුව තුළ අභ්‍යන්තරිකව සිදුකරඇති වෙනස්කම් මෙළෙස ආදායම් ඉහළට ගෙන ඒමට ප්‍රධාන හේතුවක් වූ බවද, වර්තමාන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නායකත්වය හමුවේ 2024 -28 උපාය මාර්ගික සැලැස්මට අනුව කටයුතු කළ බවද රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළා.

එසේම මෙම කාර්‍ය භාරය සිදු කරන ලද්දේ නිලධාරීන් අවශ්‍ය ප්‍රමානයෙන් සියයට තිහක අඩුවක් පවතිද්දී සහ සාමාන්‍ය වසර වලදී ආදායමෙන් 25%ක් ලබා දෙන මෝටර් රථ ආනයනය ඉතාම අවම මට්ටමක තිබියදී වීමත් විශේෂ කරුණක් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *