පුපුරනද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු දඹුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුපුරණද්‍රව්‍ය තොගය අතර විදුලි ඩෙටනේටර් 15 , ඇමෝනියන් ග්‍රෑම් 500ක් ,පුපුරණ ද්‍රව්‍ය පිරවූ ජෙල් කරලක් , පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමක්ද මෙහිදි පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

දඹුල්ල නගරයේ කැකිරාව බස් නැවතුම්පොල අසළ සිවිල් ඇඳුමින් සැරසී සිටිපොලිස් නිලධාරින් කිහිප දෙනෙකුට මෙම පුද්ගලයින් දෙදෙනා පිළිබඳව සැකසිතී පරීක්ෂා කිරීමේදි අදාල පුපුරණද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් රත්නපුර සහ පිළියන්දල ප්‍රදෙශවලපදිංචි වයස අවුරුදු 43 සහ 33ක් වන දෙදෙනෙක්.

අදාළ සැක්කාරුවන්ගෙන්කළ ප්‍රශ්න කිරීම්වලදි පවසා ඇත්තේ දියබෙදුම ප්‍රදෙශයේ නිධානයක් ලබා ගැනිමට ගලක් පුපුරුවා හැරීම සඳහා මේවා රැගෙන යන බවයි.

කෙසේ නමුත් පොලිසිය සඳහන් කළේ ඔවුන්ගේ ප්‍රකාශ සනාථ කර ගැනීම සඳහා ප්‍රමානවත් සාධක නොමැති බවත් , ඉදිරි දිනවල දඹුල්ල නගරයේ දේශපලන පක්ෂ නියෝජනය කරන මහජන රැළි කිහිපයක් පැවැත්වීමට නියමිත බැවින් එවැනි අවස්ථාවක කුමක් හෝ අපරාධයක් සිදුකිරීමට රැගෙන ආවාදැයි සැක මතුවන බවයි.

එම විදුලි ඩෙටනේටර් 15 යොදාගනිමින් විනාශකාරි බෝම්බ 15ක් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් පවතින බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *