භාණ්ඩ ආනයනය කිරීමේදි අයකරනු ලබන රේගු ආනයන බද්ද (තීරු බද්ද ),සෙස් බද්ද, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සහ වරාය සහ ගුවන්තොටුපොල සංවර්ධන බද්ද සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කළ යුතු සහ කාලීනව ඉදිරිපත්වී ඇතිදේශීය කර්මාන්ත හා වෙළඳ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ ඉල්ලිම් මත අනයන බදු සංශෝධනය කිරීමට අද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ඒ අනුව ,

* විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට යටත්ව පවතින ඇතැම් ආනයන භාණ්ඩ එම බද්දෙන් නිදහස් කර රේගු ආනයන බද්ද ඇතුළු සමන්‍ය ආනයන බදු ව්‍යුහයට ඇතුළත් කිරීම.

* දුඹුරු සීනි අනයනය සඳහා ආනයන රේගු බද්ද සංශෝධනය කිරීම

* දේශිය කර්මාන්ත බලගැන්වීම සඳහ කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දෙශ මත රේගු සංකේතාංක 225ක් යටතට අයත් පාවහන් ,ඇසුරුම් , විදුලි යන්ත්‍රෝපකරණ ,ප්ලාස්ටික් සහ රබර් කර්මාන්තයට අයත් අමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩ සම්බන්ධයෙන් ආනයන බදු සංශෝධනය කිරීම.

*ළමා සහ වැඩිහිටි අපද්‍රව්‍ය අවශෝෂක සහ ඒ සඳහා වන අමුද්‍රව්‍ය මත වූ බදු අඩු කිරීම.

* ශ්‍රි ලංකාව තුළ ප්ලාස්ට්ක් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා අදාළ වන පරිදි බදුසංශෝධනය හඳුන්වා දීම.

*දේශියව පාපැදි සහ උපාංග නිෂ්පාදන කර්මාන්තය, මුද්‍රණ හා මුද්‍රණ තීන්ත කර්මාන්තය ,දේශීයව රෙදි සෝදන යන්ත්‍ර ,ලයිටර් නිෂ්පාදන කර්මාන්තය සහ ළමානිමිඇඳුම් ආනයනය සම්බන්ධයෙන් පවතින ආනයන බදු විෂමතාවන් ඉවත් කිරීම.

* තල් හා තල් නිෂ්පාදන ආනයනය ප්‍රවර්ධනය, විදුලියෙන් ක්‍රියාකරන සෙල්ලම් භාණ්ඩ සහ දේශිය ඖෂධ නිෂ්පාදනයට යොදාගන්නා තිප්පිලි වෙන්ව හඳුනා ගැනිමට නව ජාතික උප බෙදුම් රේගු සංකේතාංක හඳුන්වා දීම සහ දෙශීය ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය ආනයනයේදි සෙස් බදු නිදහස් කිරීම සඳහා පවත්නා ක්‍රමවේදය සරල කිරීම.

යන කාරනා යටතේ ආනයන බදු සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම පිණිස පියවර ගැනීම පිණිස මුදල් ,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජානධිපතිතුමා ඉදිරිපත්කළ යෝජනා මෙළෙස අමාත්‍යමණ්ඩලය විසින් අනුමත කිරීමට කටයුතු කෙරුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *