යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය සමඟ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදි සාකච්ඡාවක් පවත්වා ඇති බවට වාර්තා වනවා.

ජනාධිපතිවරණයට අදාළව උතුරු පළාතේ වර්තමාන තත්ත්වය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උතුරු පළාත තුළ ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව තුළ ඇති උනන්දුව පිළිබඳවත් මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපතිවරණය සාමකාමිව සහ සාධාරණ ලෙස පැවැත්වීම සඳහා උතුරු පළාත තුළ සියළු කටයුතු සූදානම් කර ඇතිබව උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය මෙහිදි පවසා තිබෙනවා.

යුරෝපා සංගමයේ නිලධාරින් උතුරු පළාත තුළ මැතිවරණ නීති උල්ලංඝනය වීම් පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බවට වාර්තා වනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *