අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ සමාගම කිරිපිටි මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහත දැමෙන අතර එහි නව මිල රුපියල් 1,050ක්.

කිලෝග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 190කින් පහත දැමෙන අතර එහි නව මිල රුපියල් 2,585ක්ද වන බවයි එම සමාගම නිවේදනය කරන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *