ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිගන්නා බව යුරෝපා සංගමය පවසනවා.

ඒ සම්බන්ධයෙන් යුරෝප සංගමය සිය ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී ඊයේ ආරම්භ වුණා.

ඒ අනුව එහිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාව පිළිබඳව සාකච්ඡා වු බවයි වාර්තා වන්නේ.

අදාළ වාර්තාව මඟින් පෙන්වා දී ඇති කරුණු පිළිගන්නා අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ දැඩි අවදානයෙන් පසුවන බවද යුරෝපා සංගමය පවසනවා.

මේ අතර එම වර්තාව සම්බන්ධයෙන් බ්‍රිතන්‍යද ප්‍රකාශයක් කර තිබෙනවා.

එම වාර්තාවට අනුව මෙරට සිදුවී ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

උතුරු මැසිඩෝනියාව, සහ අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව පිළිබඳව සිය අදහස ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *