බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය දැව සංස්ථාවට කළමනාකරණ පත්වීම් තුනක් ලබා දීමට සූදානම් වූ අවස්ථාවේ එම පත්විම් ලබාදීම ජනාධිපතිවරණය අවසන්වන තෙක් එය අවලංගු කළ බව කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය පවසනවා.

මැතිවරණ කොමිසට ලැබුණු පැමිණිල්ලකට අනුව කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය මේ පිළිබඳව සොයා බලා , එම පත්වීම් අවලංගු කිරීමට කටයුතු කර තිබුණේ.

හදිසි සේවා අවශ්‍යතා මත යයි පවසමින් එම පත්වීම් ලබා දීමට සූදානම් කර තිබූ බවද කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *