මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අතර දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

එළෙස පීළි පැනීමට ලක්ව ඇත්තේ පානදුර සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියක්.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත සියලුම දුම්රියන් බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇති බවයි දුම් රිය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *