රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සූදානම් වනවා.

විධිමත් පැමිණිල්ලකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිවයි මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ අද දිනයේ සිට සියලුම රෝහල්වල දින 07ක් කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට ද තීරණය කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *