අලී සහීර් මවුලානා මහතා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයෙන් නෙරපා හැරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය ලබන 25 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නියෝගකර තිබෙනවා.

ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නායක රවුෆ් හකීම් , පක්ෂයේ මහලේකම් නිශාන් කාරියප්පන් යන මහත්වරුන්ට එරෙහිවයි එම වාරන නියෝගය නිකුත් කර තිබෙන්නේ.

නිසි ක්‍රමවේදය අනුගමනය නොකර පක්ෂ සාමාජිකත්වය අහෝසිකර තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග පවත්වා පක්ෂයෙන් තමාව නෙරපා හැරීමට එකී වගෞත්තරකරුවන් කටයුතු කළ බවයි පැමිණිලිකාර මන්ත්‍රිවරයා සිය පැමිණිල්ල මඟින් අධිකරණයට පවසා තිබුනේ.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් කොළඹ දිසා අධිකරණය හමුවේ එම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *