වියළි කහ කිලෝ ග්‍රෑම් 470කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදියි.

එම කහ තොගය මුහුදු මාර්ගය ඔස්සේ නීති විරෝධිව මෙරටට ගෙන ආ බවට සැක කෙරෙන බවයි නාවික හමුදාව නිවේදනය කරන්නේ.

මුහුදු මාර්ගය ඔස්සේ සිදුකෙරෙන නීතිවිරෝධි ජාවාරම් ඇතුළු නීති විරෝධි ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ සහ මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සිදුකරනු ලබනවා.

ඒ අනුව වයඹ නාවික විධානයට අයත් ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝනය විසින් එම වෙරළ ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී මෙම වියළි කහ තොගය සොයාගෙන තිබෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *