මේ මස 12 දිනට යෙදෙන සිරකරු දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (open visit) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක,බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසුවා.

ඒ අනුව හෙට (12) දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපරක්ෂක ද්‍රව්‍ය, එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *