ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන සියළු සම්මන්ත්‍රණ , උපකාරක පන්ති සහ දේශන පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම ද විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත්,මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම සහ එවැනි දෑ ළඟ තබා ගැනීමද මේ අනුව සම්පූර්ණයෙන් තහනම් වන බවයි.

කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග කඩකිරීම හෝ උල්ලංඝනය කිරීම සිදුකරන්නේනම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බවද ඒමහතා සඳහන් කළා.

පාසල්වලට සිසුන් තෝරාගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පැවැත්වෙන 2024 වර්ෂයට අදාළව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වන්දා පවැත්වෙනවා.

මේ අතර විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගෙන් සහා එම අපේක්ෂකයින්ගේ ආධාර කරුවන්ගෙන් සහ සංවිධායක වරුන්ගෙන්ද ඉල්ලිමක් කළා.

ඒ විභාගය පැවැත්වෙන ඉරිදා උදෑසන 09.30 සිට 12.15 දක්වා කාල සීමාව තුළ දරුවන්ට බාධාවන ලෙස ශබ්ධ විකාශන යන්ත්‍ර යොදාගනිමින් කටයුතු නොකරන ලෙසයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *