ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සමාගමට අයත් ගුවන් යානා දෙකක් එකිනෙක් ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

ලොව අතිශය කාර්යබහුල බවට සැලකෙන ඇට්ලන්ටා හි හාට්ස්ෆීල්ඩ් ජැක්සන් ගුවන් තොටුපොළේදියි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

එයාර්බස් A- 350 යානාව සහ එම ගුවන් සමාගමේම CRJ -900 යන ගුවන් යානා දෙකයි මෙළෙස එකිනෙක් ගැටී තිබුණේ.

අනතුරින් කිසිවෙකුත් තුවාල ලබා නොමැති අතර ගුවන් ගමනක් සඳහා ප්‍රවේශ කරමින් සිටියදීයි මෙම අනතුර සිදුව තිබුණේ.

අනතුරින් CRJ -900 යානාවේ තිරස් සහ සිරස් ස්ථායිකාරක ( Vertical and Horizontal Stabilizer ) එම යානාවෙන් වෙන් වී ගොස් තිබෙනවා.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *