වියට්නාමයට බලපා ඇති යාගි සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 141 දක්වා ඉහළ ගොස් ඇති බව එරට රජය අද ප්‍රකාශ කළා.

තවත් 59 දෙනෙකු අතුරුදන් බවටයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් රතු ගඟේ ජල මට්ටමද ඉහළ යාම හේතුවෙන් හැනෝයි අගනුවර නගර මධ්‍යයේ දිස්ත්‍රික්ක ජලයෙන් යටවීමේ තර්ජනයක් ඇති බවටත් අනතුරු ඇඟවීමක් සිදුකරන අතර අධික වර්ෂාව හේතුවෙන් ඇතිවන නායයාම් අනතුරු වළින් ප්‍රවේසම්වන ලෙසද ජනතාවට මතක් කරනවා.

රතු ගඟෙහි ජල මට්ටම සෑම පැයකට වරක්ම සෙන්ටිමීටර 10 කින් ඉහළ යන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වසර 30කට පසු වියට්නාමයට බලපා ඇති දරුණුතම සුළි කුණාටුව මෙයයි.

ඊයේ දිනයේ ජනාකීර්ණ ෆූතෝ පළාතේ ෆොන්ග් චෞ නමින් හඳුන්වන පාලමක්ද කැඩීගියා .

එම අනතුරින් 13 දෙනෙකු අතුරුදන්වූ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *