එංග­ල­න්ත­යට එරෙ­හිව වසර 10කට පසු ටෙස්ට් පිටි­යේදී විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලබ­මින් දැක්වූ දස්කම් හේතු­වෙන් ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය නිකුත් කළ නව­තම ශ්‍රේණි­ගත කිරීම් අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩ­කයෝ රැසක් ඉදි­රි­යට යෑමට සමත්ව සිටිති. ඉන් ක්‍රීඩ­ක­යන් 6 දෙන­කුම සිය හොඳම ශ්‍රේණි­ගත ලකුණු වාර්තා කිරී­මද කැපී පෙනේ.

මේ තෙවැනි තර­ග­යේදී පළමු ඉනි­මේදී අර්ධ ශත­ක­යක් රැස් කළ නායක ධනං­ජය ද සිල්වා ස්ථාන 3කින් ඉහ­ළට ගොස් ඇති අතර, ඔහු පිති­ක­රු­වන් අතර 13 වැනි තැනට පත්ව ඇත්තේ සිය හොඳම ශ්‍රේණි­ගත ලකුණු ද සම­ඟිනි. ශ්‍රී ලාංකික පිති­ක­රු­වන් අතර ඉදි­රි­යෙන්ම පසු වන ඔහු ශ්‍රේණි­ගත ලකුණු 699ක් හිමි කර ගෙන ඇත.

මේ තර­ගා­ව­ලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ කමිඳු මෙන්ඩිස් දෙවැනි තර­ගය නිමා වන විට ස්ථාන 11කින් ඉදි­රි­යට (25) පැමිණ සිටි අතර, තෙවැනි තර­ග­යෙන් පසු ඔහු තවත් ස්ථාන 6කින් ඉදි­රි­යට ගොස් ඉන්දි­යාවේ ශුබ්මන් ගිල් සම­ඟින් 19 වැනි තැන රැඳී සිටී.

පළමු ඉනි­මේදී අර්ධ ශත­ක­යක් (64) සහ දෙවැනි ඉනි­මේදී ශත­ක­යක් (127) රැස් කර­මින් තෙවැනි තර­ගයේ වීරයා වූ පැතුම් නිශ්ශංක ස්ථාන 42කින් ඉදි­රි­යට පැමි­ණීම කැපී පෙනන අතර, ඔහු 39 වැනි තැන අත්ක­ර­ගෙන ඇත්තේ සිය ඉහ­ළම ශ්‍රේණි­ගත ලකුණු සංඛ්‍යාව වන 568ක් සම­ඟිනි.

මේ අතර 13 වැනි ස්ථානයේ සිටි දිමුත් කරු­ණා­රත්න (16) සහ 23 වැනි තැන සිටි දිනේෂ් චන්දි­මාල් (26) ස්ථාන 3කින් පහ­තට වැටී තිබේ.

ශ්‍රේණි­ගත කිරී­ම්වල අංක එක හිමි­කර ගෙන සිටින ජෝ රූට්ට තෙවැනි තර­ග­යේදී ලකුණු අත­රට පිවි­සී­මට නොහැකි වීමෙන්  ශ්‍රේණි­ගත ලකුණු 922 සිට 899 දක්වා අඩු වී තිබේ.

පන්දු යව­න්නන් අතරේ විශ්ව ප්‍රනාන්දු (31) ස්ථාන 13කින් සහ ළහිරු කුමාර (32) ස්ථාන 10කින් ඉහ­ළට ගොස් ඇත්තේ සිය හොඳම ශ්‍රේණ­ගත ලකුණු සම­ඟිනි. මේ තර­ගා­ව­ලියේ ටෙස්ට් වරම් ලැබූ මිලාන් රත්නා­යක ස්ථාන 26කින් ඉහළ ගොස් 84 වැනි තැන සිටී.

කෙසේ වෙතත් දෙවැනි තර­ග­යෙන් අන­තු­රුව 8 වැනි තැනට පත්ව සිටි අසිත ප්‍රනාන්දු 3කින් පහ­තට වැටී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *