අනු­රා­ධ­පු­රයේ ක්‍රියා­ත්මක වූ ප්‍රබල අප­රාධ කල්ලි නාය­ක­යකු වූ ඉරෝන් රණ­සිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා ඝාත­නය කිරී­මට අනු­රා­ධ­පු­රයේ හිටපු සහ­කාර පොලිස් අධි­කාරි සංජීව මහ­නාම ඇතුළු පොලිස් කණ්ඩා­ය­ම­කට රුපි­යල් කෝටි 13ක මුද­ලක් ලබා­දුන් බව කියන ව්‍යාපා­රි­ක­යන් පිරිස ගැන මේ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විශේෂ පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර තිබේ.

බුද්ධි අංශ­යට සම්බ­න්ධව සිටින උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු සහ පොලිස් සැර­ය­න්ව­ර­යකු මෙම ඝාතන කොන්ත්‍රා­ත්තු­වට සම්බන්ධ බවට මේ වන විට විවිධ තොර­තුරු ලැබී ඇති බවත් ඒ සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක් ක්‍රියා­ත්මක බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කළේය.

පසු­ගිය මහ මැති­ව­ර­ණය පැවැති දින සිය බිරිය සමඟ මෝටර් රථ­ය­කින් ගමන් කර­මින් සිටි­යදී එස්.එෆ්. ලොක්කා ඝාත­නය කරනු ලබන්නේ අනු­රා­ධ­පුර දහ­යි­යා­ගම හන්දි­යේ­දීය. ටී-56 අවි­ය­කින් කරනු ලබන මෙම වෙඩි තැබීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වනු ලබන්නේ ද සහ­කාර පොලිස් අධි­කාරී සංජීව මහ­නා­මගේ මෙහෙ­ය­වී­මෙනි. විම­ර්ශන නොමඟ යැවී­මට එහිදී ඔහු විවිධ උප­ක්‍රම යොදා ඇති බවත් වෙඩි­ක්කරු ගමන් කළ යතු­රු­පැ­දිය යැයි සඳ­හන් කර­මින් ව්‍යාජ යතු­රු­පැ­දි­යක් පවා ඉදි­රි­පත් කර­මින් පරී­ක්ෂණ මුළු­ම­නින්ම නොමඟ යවා ඇති බවට සැක කරන තොර­තුරු ද අනා­ව­ර­ණය වී තිබේ.

මෙම ඝාතන කොන්ත්‍රා­ත්තු­වට සම්බන්ධ බව කිය­වෙන සෙසු පොලිස් නිල­ධා­රීන් දෙදෙනා ද එස්.එෆ්. ලොක්කා ඝාතන විම­ර්ශ­න­යට සම්බන්ධ වී ඇති බවත් ඒ අය සාක්ෂි විනාශ කිරී­මට කට­යුතු කර තිබේ­දැයි සොයා විම­ර්ශන පැවැ­ත්වෙන බවත් ආරංචි මාර්ග සඳ­හන් කළේය.

එස්.එෆ්. ලොක්කාගේ විරු­ද්ධ­වා­දි­යකු වූ බැටා නමැති මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කරු සමඟ ද සහ­කාර පොලිස් අධි­කාරී සංජීව මහ­නාම ඇතුළු මෙම පොලිස් කණ්ඩා­යම ඉතා කිට්ටු සම්බ­න්ධ­කම් පවත්වා ඇති බවට තොර­තුරු ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලැබී ඇත.  මෙම මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කරු සහ­කාර පොලිස් අධි­කාරී සංජීව මහ­නා­මගේ අනු­රා­ධ­පු­රයේ පිහිටි කාර්යා­ල­යට ගෙන්වා­ගෙන එස්.එෆ්. ලොක්කා ඝාත­න­යට සැල­සුම් කර ඇති බවට ද තොර­තුරු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලැබී ඇත. එම ඝාතන සැල­සු­මට අනුව යම් දේශ­පා­ලන පක්ෂ­යක මන්ත්‍රී­ව­ර­ය­කුගේ අනු­රා­ධ­පුර උළු­ක්කු­ලමේ පිහිටි ඉඩ­ම­කට බැටා නමැති මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රුව උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා සහ සැර­ය­න්ව­රයා විසින් රැගෙන ගොස් ටී-56 අවි­යක් දී වෙඩි තැබී­මට ද පුහු­ණු­වක් ලබාදී ඇති බවට තොර­තුරු ලැබී තිබේ. ඒ සඳහා ගමන් කර ඇතැයි කියැ­වෙන්නේ මන්ත්‍රී­ව­ර­යාට අයත් සුදු පැහැති වැගන් ආර්. වර්ගයේ රථ­ය­කින් බවත් අන­තු­රුව මන්ත්‍රී­ව­ර­යාගේ නිවෙසේ නතර කර වීමට පොලිස් නිල­ධා­රීන් දෙදෙනා කට­යුතු කර ඇති බව­ටත් තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් මේ ගැන අධි­ක­ර­ණ­යට ද කරුණු වාර්තා කර ඇත. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලැබී ඇති තොර­තු­රු­වල සඳ­හන්ව ඇති ආකා­ර­යට අනුව එස්.එෆ්. ලොක්කාට වෙඩි තබා ඝාත­නය කර ඇත්තේ ඔහු ගමන් කර­මින් සිටි මෝටර් රථය පස්සේ යතු­රු­පැ­දි­ය­කින් හඹා­ගිය බැටා සහ පොලිස් සැර­ය­න්ව­රයා විසිනි. මෙම ඝාතන සැල­සු­මට සම්බ­න්ධව සිටි පොලිස් නිල­ධා­රීන්ට අනු­රා­ධ­පු­රයේ ව්‍යාපා­රි­ක­යන් පිරි­සක් විසින් රුපි­යල් කෝටි 13ක මුද­ලක් දී ඇති බවට ද තොර­තුරු වාර්තා වී ඇති බැවින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මේ වන විට එම ව්‍යාපා­රි­ක­යන් හඳුනා ගැනී­මට කට­යුතු කර­මින් සිටින බව ආරංචි මාර්ග අනා­ව­ර­ණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *