ඉල්ලීම් රැසක් මුල් කර­මින් විරෝ­ධ­තා­වක නිර­තව සිටින ඇඟලුම් සේවක පිරි­සක් මධ්‍යම බංග්ලා­දේ­ශයේ ගාසි­පූර් නුවර පිහිටි ඇඟලුම් ආය­ත­න­යක ගබ­ඩා­වට ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විරෝ­ධ­තාවේ නිර­තව සිටි ඇඟලුම් සේවක පිරි­සක් ඊයේ දහ­වල් 1.00ට පමණ ගබ­ඩා­වට ගිනි තබා ඇතැයි ගාසි­පූර් නුවර පොලි­සිය ප්‍රකාශ කර තිබේ.

ඇඟලුම් ආය­තන ගබ­ඩාවේ ගින්න නිවීම සඳහා ගාසි­පූර් ගිනි­ නි­වන ඒක­කයේ කණ්ඩා­යම් දෙකක් එම ස්ථාන­යට පැමිණි බවත්, කුපිත වී සිටි විරෝ­ධ­තා­ක­රු­ව­න්ගෙන් ප්‍රහාර එල්ල වීම හේතු­වෙන් ආපසු හැරී ගිය බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *