ඉන්දි­යාවේ චෙන්නා­යි­හිදී ඊයේ ආරම්භ වූ සිව්වැනි දකුණු ආසි­යානු (අවු­රුදු 20න් පහළ) කනිෂ්ඨ මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී පළමු දිනයේ සියලු ගෞරව හිමි කර ගැනී­මට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ සමත් වූහ. රට­වල් 6ක් එක්වන තර­ගා­ව­ලියේ පළමු දිනයේ පද­ක්කම් සට­හනේ පෙර­මුණ ගැනී­මට ද ශ්‍රී ලංකාව සමත් වූයේ පද­ක්කම් 9ක් දිනා ගනි­මිනි.

ඊට රන් පද­ක්කම් 3ක්, රිදී පද­ක්කම් 3ක් සහ ලෝකඩ පද­ක්කම් 3ක් ඇතු­ළත් විය.

පිරිමි මීටර් 100 ඉස­ව්වෙන් නව ජාතික කනිෂ්ඨ වාර්තා­වක් සමඟ රන් පද­ක්කම දිනා ගැනී­මට මෙරොන් විජේ­සිංහ සමත් විය.

මෙරෝන් තත්පර 10.41කින් තර­ගය නිමා කළ අතර, ඒ සමඟ ෂෙහාන් අබේ­පි­ටිය තත්පර 10.43කින් තබා තිබූ ජාතික කනිෂ්ඨ වාර්තාව මැකී ගියේය. එය නව තර­ගා­වලි වාර්තා­වක් මෙන්ම තම හොඳම පෞද්ග­ලික කාලය ද විය. එම ඉසව්වේ රිදී පද­ක්කම දිනා ගැනී­මට දිනෙත් ඉඳු­වර වීර­ර­ත්නට (තත්. 10.49) හැකි වූයේ ඔහුගේ ද හොඳම කාලය සට­හන් කර­මිනි.

මේ අතර මීටර් 800 කාන්තා හා පිරිමි රන් පද­ක්කම් දිනා ගැනී­මට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ සමත් වූහ. එහිදී තරුෂි අභි­ෂේකා මිනිත්තු 2:10:83කින් කාන්තා රන් පද­ක්කම දිනා ගනිද්දී එහි පිරිමි රන් පද­ක්කම දිනා ගැනී­මට සවිඳු අවිශ්ක සමත් වූයේ මිනිත්තු 1:49.83ක කාල­යක් වාර්තා කර­මිනි. මීටර් 800 කාන්තා ඉසව්වේ ලෝකඩ සන්සලා හිමා­ෂ­නීට (මිනිත්තු 2:12.13) හිමි වූවාය.

ශ්‍රී ලංකා­වට එකම ඉස­ව්ව­කින් රිදී පද­ක්කම් හිමි කර දීමට නේත්‍රා සමාධි සහ කශ්මිකා තිමාෂි ඊයේ සමත් වූයේ කාන්ත උස පැනීමේ ඉස­ව්වෙන් මීටර් 1.65ක දක්ෂ­තා­වක් සම­ඟිනි.

පිරිමි යගු­ළිය විසි කිරීමේ ඉස­ව්වෙන් ජයවි අල්විස් (මී. 15.69) ලෝකඩ පද­ක්කම දිනා­ගත් අතර, කාන්තා මීටර් 100 ඉස­ව්වට එක් වූ ෂනෙලා සෙනෙ­වි­රත්න (තත්. 12.04) ලෝකඩ පද­ක්කම දිනා ගැනී­මට සමත් වූවාය.

ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට ක්‍රීඩ­ක­යන් 29ක්, ක්‍රීඩි­කා­වන් 25ක් ඇතු­ළත්ව සිටිති. මේ තර­ගා­ව­ලියේ අද (12) දෙවැනි දිනය වන අතර, හෙට (13) තර­ගා­ව­ලිය නිමා වීමට නිය­මි­තය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *