ඕෂධ ප්‍රනා­න්දුගේ විශිෂ්ට පිති­හ­ර­ඹය සහ ඉසිත විජේ­සු­න්ද­රගේ දක්ෂ පන්දු යැවීම හේතු­වෙන් දකුණු අප්‍රිකා ‘ඒ’ පිලට එරෙ­හිව කිම්බ­ර්ලි­හිදී පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තර­ගය කඩුලු 6කින් ජය ගැනී­මට සංචා­රක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම සමත් විය.මේ තර­ගයේ ජය­ග්‍ර­හ­ණය සඳහා හිමි වූ ලකුණු 173ක ඉල­ක්කය කඩුලු 4ක් දැවී තිබි­යදී සපුරා ගැනී­මට සමත් වූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම තරග දෙක­කින් සම­න්විත සිව්දින තර­ගා­ව­ලිය 1-0ක් ලෙස පෙර­මුණ ගැනී­මට සමත් විය.

මේ තර­ග­යේදී දකුණු අප්‍රිකා ‘ඒ’ පිල පළමු ඉනි­මට ලකුණු 372ක් රැස් කළ අතර, පිළි­තුරු ලෙස ශ්‍රී ලංකා පිලට පළමු ඉනිමේ රැස් කළ හැකි වූයේ ලකුණු 323ක් පමණි. ඒ අනුව පළමු ඉනි­මේදී ලකුණු 49ක් වාසි­යක් හිමි­කර ගැනී­මට සත්කා­රක දකුණු අප්‍රි­කාව සමත් වුවත් දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම ලකුණු 124කට සීමා කිරී­මට ඉසිත විජේ­සු­න්දර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ඉසිත සිය තරග දිවියේ හොඳම පන්දු යැවීම සට­හන් කර­මින් කඩුලු 7ක් බිඳ දැමී­මට සමත් වූයේ ලකුණු 34ක් පම­ණක් දෙමිනි. මේ හේතු­වෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 173ක ඉල­ක්කය හිමි විය.

ශ්‍රී ලංකා පළමු ඉනි­මේදී අගනා ශත­ක­යක් (122) රැස් කළ ආර­ම්භක පිති­කරු ඕෂධ ප්‍රනාන්දු දෙවැනි ඉනි­මේ­දීත් වැඩිම ලකු­ණු­ලා­භියා වූයේ ලකුණු80ක් රැස් කර­මිනි. පන්දු 122කින් ගොඩ­නැ­ඟුණු ඔහුගේ ඉනි­මට හතරේ පහර 12ක් ඇතු­ළත් විය. ළහිරු උදාර ලකුණු 26ක්, පසිඳු සූරි­ය­බ­ණ්ඩාර ලකුණු 22ක් සහ ජනිත් ලිය­නගේ නොදැවී ලකුණු 23ක් ඉනි­මට එක් කළහ. දෙපිල අතර අව­සන් සිව්දින තර­ගය මේ ඉරිදා (15) බෙනො­නිහි විලො­ව්මෝර් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *