පාකි­ස්තා­නයේ උද්ගත වී ඇති වත්මන් ආර්ථික අර්බු­දය මැද එරට ඇඟ­ලුම් කර්මා­න්ත­ශාලා 30% ක් වසා දැමී­මට සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ තත්ත්වය මත ලක්ෂ 7කට අධික පිරි­ස­කට රැකියා අහි­මි­වී­මෙන් පාකි­ස්තා­නයේ විරැ­කි­යාව තවත් ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. පසු­ගිය වසරේ දත්ත වාර්තා අනුව ලෝක ඇඟ­ලුම් අප­න­ය­න­යෙන් 9 වැනි ස්ථානයේ පසුවූ පාකි­ස්තා­නයේ ඇඟ­ලුම් අප­න­ය­නය වර්ත­මා­නය වන­විට 15% කින් පහත වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

මිලි­යන 20ක ජන­ග­හ­න­යක් හිමි පාකි­ස්තා­නයේ ඇඟ­ලුම් ක්ෂේත්‍රයේ ශ්‍රම බළ­කාය එරට සමස්ත ජන­ග­හ­න­යෙන් 40%ක් වන බවත්, මෑත කාලයේ සිට ඇඟ­ලුම් කර්මා­න්ත­ශාලා වැසී යෑම හේතු­වෙන් විරැ­කි­යාව ජාතික අර්බු­ද­යක් බවට පත්වෙ­මින් තිබෙන බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

ඇඟලුම් ක්ෂේත්‍රයේ බිඳ වැටී­මට බලපා ඇති හේතු අතර බල­ශක්ති අර්බු­දය උත්සන්න වීමෙන් විදුලි බිල ඉහළ දැමීම රජය පිය­වර ගැනීම ද බලපා ඇති අතර, ලෝක ඇඟලුම් ක්ෂේත්‍රයේ ආසි­යා­තික තර­ග­ක­රු­වන් වන ඉන්දි­යාව, බංග්ලා­දේ­ශය, ශ්‍රී ලංකාව, විය­ට්නා­මය සහ චීනය වැනි රට­ව­ලට  වැඩි පිරි­වැ­යක් විදු­ලිය සඳහා වැය කිරී­මට පාකි­ස්තා­නයේ ඇඟලුම් කර්මා­න්ත­ශාලා හිමි­ක­රු­වන්ට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *