මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන වෙලේ සුදාගේ සිර කුටිය තුළ තිබී නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් ඊයේ දිනයේ සිදුකළ විශේෂ පරික්ෂාවකදි එම ජංගම දුරකථනය සොයාගනු ලැබුවා.

විශේෂ කාර්ය බළකායේ බූස්ස බන්ධනාගාරයේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව බන්ධනාගාර කඳවුරේ දෙවන කඳවුරු නිලධාරින් කණ්ඩායමක් විසින් බන්ධනාගාරයේ විශේෂ අංශයේ ඇ කොටසේ අංක 38 සිරමැදිරිය තුළ මෙම සෝදිසි මෙහෙයුම සිදුකරනු ලැබුවා.

එහිදි ජී. ඩබ්. සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නම් සැකකරු භාවිත කරන ලද බවට සැකකෙරෙන සිම්පත් රහිත ජංගම දුරකථන එම නිලධාරින්ගේ භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා එම ජංගම දුරකථනය බන්ධනාගාර පාලනාධිකාරියට භාර දී තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *