මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙටින් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, නිල ඡන්ද පත්‍රිකාවලින් 80%ක් මේ වනවිට බෙදා අවසන් කර ඇති බවයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි බවද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *