ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා එළෙස පැමිණීමේ හැකියාව පවතිනවා.

එසේ යාමට අවශ්‍ය නම් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම, පසුපසින් පැමිණෙන වාහනයේ අංකය සහ වාහනයේ සිටින නියෝජිතයාගේ නම ඇතුලත් විස්තර වාර්ථාවක් ඡන්ද විමසීමේ දිනයට දින තුනකට පෙර බලයලත් නියෝජිතයකු විසින් දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලය වෙත ලබාදිය යුතුයි.

ඒ සඳහා අවශ්‍ය වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා,

ඡන්ද විමසීම අවසන් කිරිමෙන් පසු ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ඡන්ද පෙට්ටියම කිසිදු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත භාරදෙන්නේද යන්න පිළිබඳව ඇතැම් දේශපාලඥයින් සහ අපේක්ෂකයින් සැක සහිත බව ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *