බදුලු මුතියංගන රජමහා විහාරයට අයත් ” මධූ ” නමැති ඇතින්න වැසිකිලි වළකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය දිනක මහියංගණ රජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යය සඳහා රැගෙනවිත් සිටි ඇතින්න, හසළක සෙවෙල බෝක්කුව ප්‍රදෙශයේදි පැරණි වැසිකිළි වළකට වැටී අනතුරට ලක්වුණා.

පෙරහරට පැමිණි අනෙක් අලි ඇතුන් සඳහා ආහාර පිණිස ලබා දීමට අවශ්‍ය කිතුල් කොට තොගයක් , ” මධූ ” ඇතින්න විසින් ලොරි රථයකට පටවමින් සිටියදි ඇතින්න මේ ආකාරයට වළට වැටී තිබෙන්නේ.

පසුව ප්‍රදේශවාසින් , පොලීසිය සහ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් , විවිධ යන්ත්‍ර උපකරණ භාවිත කරමින් ඇතින්න ගොඩට ගැනීමට උත්සහ කර තිබෙනවා.

කෙසේ නමුත් ඊයේ රාත්‍රි 07.00 ට පමණ ” මධූ ” ඇතින්න මිය ගිය බවයි පොලිසීය පවසන්නේ.

වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අතර , හසලක පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

බදුලු මුතියංගන රජමහා විහාරයට අයත් ” මධූ ” ඇතින්න එම විහාරස්ථානයට රැගෙන විත් ඇත්තේ වයස අවුරුදු 5 ක් තරම් කුඩා කාළයේදියි.

ඇතින්න මිය යන විට ඇතින්නට වයස අවුරුදු 30 ක් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *