ජනාධිපතිධුර අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේට මැතිවරණ කොමිෂන් සභාව අවවාද කර තිබෙනවා.

පසුගියදා සමඟි ජන බලවේගය මාතර , තංගල්ල සහ ඒ අවට ප්‍රදෙශවල පැවැත්වූ රැස්වීම් කිහිපයකට සම්බන්ධ වී එම වේදිකාවළ කතා පැවැත්වීම යන හේතුව මතයි මෙළෙස අවවාද කර තිබෙන්නේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තවත් අපේක්ෂකයෙකුගේ වේදිකාවකට ගොඩවීම මැතිවරණ නීතියට ගැනෙන වරදක් නොවුවද , ආචාර ධර්ම කඩකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනුකළ හැකි බවටද මැතිවරණ කොමිෂන් සභාවේ ඉහළ නිලධාරින් පවසා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේ මහතා පවසන්නේ ජනතාවගෙන් එල්ලවූ ඉල්ලිම් මත තමන් එළෙස කටයුතු කළ බවයි.

ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස 2004 – 2010 දක්වා කාලය තුළ කටයුතු කළා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *