විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය වරිය ලෙස අද එම ධුරයේ දිවුරුම් දුන්නා.

ඒ ජනාධිපති කාර්යාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදීයි.

සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ ඇය මෙතෙක් දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි.

දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *