දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයකට අනුව මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු අග දක්වා කාලය තුළ රුපියල් මිලියන 12 29245 මුදලක් බදු ආදායම ලෙස උපයා තිබෙනවා.

එම ආදායම 2023 වසරට සාපේක්ෂව 28.5% ක වර්ධනයක් බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ඒ අනුව සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බදු ලෙස රුපියල් මිලියන 6 24 439 , එකතු කළ අගය මත බද්ද රුපියල් මිලියන 4 68 863, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ලෙස රුපියල් මිලියන 1 22 917 , ඔට්ටු සහ සූදු බද්ද ලෙස රුපියල් මිලියන 11 355, කොටස් ගනුදෙනු බද්ද ලෙස රුපියල් මිලියන 1453 , වෙනත් බදු වර්ග ලෙස රුපියල් මිලියන 219 ක බදු මුදලක්ද උපයා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.

2023 වසරේ ජනවාරි සිට අගෝස්තු මාසයේ අග දක්වා කාල පරිච්ඡේදය තුළ ඉපයූ මුලු බදු ආදායම වන රුපියල් මිලියන 9 56 418 සමඟ සැසදීමෙදි මෙම වසරේ එම කාල පරිච්ඡේදය තුළ ඉපයු ආදායම 28.5% ක වර්ධනයක් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් ප්‍රසාරණය වීම , බදු ප්‍රතිපත්තියේ සිදු වූ සාධනීය වෙනස් විම් සහ බදු පරිපාලනයේ කාර්යක්ෂමතාවය මෙන්ම බදු ගෙවන්නන්ගේ අනුකූලතා වර්ධනය මෙම ආධායම ඉහළ යාම සඳහා ප්‍රධාන හේතුව බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *