විවිධ පාර්ශවයන්ගෙන් ඉදිරිපත්වූ ඉල්ලිම් කිහිපයක් සලකා බලා පුද්ගලික බදු ආදායම් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට පුද්ගලික බදු සංශෝධනය කියාත්මක වනවා.

රජයේ බදු ආදායම ඉහළ දැමීමේ අරමුණින් පසුගිය වසරේ ජනවාරි පළමුවනදා සිට වාර්ෂික ආදායම් බදුවලින් නිදහස් වීමේ සීමාව රුපියල් මිලියන 1.2 ක් ලෙසත් , ආන්තික බදු ප්‍රතිශතය 6% සිට 36% දක්වාත් වන ලෙසත් පුද්ගලික ආදායම් මත පිහිටා බදු අය කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවා.

එමඟින් රජයේ බදු ආදායම ඉහළ යාම සිදු වූවත් , පුද්ගලික ආදායම් බද්දට යටත් වූ පිරිසෙන් මැදි ආදායම් ලබන පිරිස පීඩාවට පත්වුණා.

එම පිරිසට සහනයක් ලැබිය යුතු බවට එල්ලවූ ඉල්ලිම් කිහිපයක් සළකා බලා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකඡ්චා කොට මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන 2025 වසරේ අප්‍රේල්මස පළමුවනදා සිට , මාසික ආදායම රුපියල් 150 000 සඳහා 14% ක්, රුපියල් 200 000 සඳහා 20% ක්, රුපියල් 300 000 සඳහා 25% ක් , 400 000 සඳහා 23% ක් , රුපියල් 500 00 සඳහා 15% ක්, රුපියල් 750 00 සඳහා 8% ක්, රුපියල් 1 000 000 සඳහා 6% ද දැනට අය කරන බද්දෙන් අඩු කිරීමට තීරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *