වාහන ආනයන කිරීමේදි පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ මේ වනවිටත් පොදු ප්‍රවාහන සේවයේ බස් රථ 5000 ක පමණ අඩුවක් පවතින බවයි.

මේ අතර ඉදිරියෙදි බස් රථ ආනයනය කිරීමේදි විද්‍යුත් බස් රථ ගෙන්වීම සඳහාද වැඩි අවධානයක් යොමුකිරීමට සූදානම් බවද ඒ මහතා පැවසුවා.

එම බස් රථ වල මිළ ගණන් සම්බන්ධව මේ වනවිට සාකච්ඡ කර ඇති බවත් එම බස් රථ චීනයෙන් ආනයනය කිරීම සඳහා සූදානම් බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවා.

එම බස් රථ ගෙන්වීම සඳහා ලබන පෙබරවරි දක්වා බලා සිටීමට නොහැකි බවත් නොවැම්බර් මාසය වනවිට අදාළ සීමා ලිහිල් කිරීමට කටයුතු කරන ලෙසද සභාපතිවරයා ඒ මහත ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *