මෙවර ජනාධිපතිවරණයේදි අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් හිස්වන මන්ත්‍රී අසුන සඳහා ටිල්වින් සිල්වා මහතා පත් කර මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුව නම් කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඊයේ යෝජනා වී තිබෙනවා.

නමුත් ටිල්වින් සිල්වා මහතා වයසින් වැඩි පුද්ගලයෙකු නිසා වැරදි මතයක් රට තුළ ඇතිවීමට ඉඩ ඇති බවටයි එහිදී අදහස් පලව ඇත්තේ.

පසුව තීරණය වූයේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් හිස්වන මන්ත්‍රී අසුන සඳහා කේ.ඩි.ලාල්කාන්ත මහතා පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඉන් අනතුරුව මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුව නම් කිරීමටයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ රැස්වීමේදී තීරණය කර ඇත්තේ.

ඉක්මනින් මහ මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයා ලෙස සුනිල් හඳුන්නෙත්ති මහතා පත් කිරීමටද එහිදී තීරණය කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *