රුපියල් කෝටි 05 කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ 203 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින්.

විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාශයෙන් ලද තොරතුරකට අනුව ඊයේ දිනයේ රාජාංගනය පොලිස් වසමේ 06 කොටස, යාය 14, රාජාංගනය ලිපිනයේ නිවසක වැටලීම සිදුකර කෙරුණා.

එහි දී රුපියල් කෝටි 05 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 203 ක් අඩංගු කවර 94 පොල්සිය භාරයට ගෙන තිබෙනවා.

එම කේරළ ගංජා තොගය සන්තකයේ තබා ගෙන සිටි කලාඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් වන පුද්ගලයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *