ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා මානව විරෝධි පුද්ගලයින් බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා.

නපුරු මතවාද සහ ප්‍රතිපත්තිවලින් අඩු අපේක්ෂකයා වෙනුවෙන් සිය ඡන්දය භාවිත කරන ලෙසද පාප් වහන්සේ ඡන්දදායකයින්ගෙන්ද විශේෂ ඉල්ලීමක් කළා.

පාප් වහන්සේ මෙම ඉල්ලීම කළේ සිය දින දොළහක ගිනිකොණ දිග ආසියාවේ දීර්ඝ චාරිකාව නිමාකර නැවත වතිකානය බලා පැමිණෙද්දි එම ගුවන් යානය තුළ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික විරෝධි ප්‍රතිපත්ති මානව පැවැත්මට එරෙහි බරපතළ පාපයක් බවත් , ජනපත් සටනේ සිටින අනෙක් අපේක්ෂිකාව වන කමලා හැරිස් යෝජිත ගබ්සා පනතට පක්ෂව කටයුතු කිරීමද මනුෂ්‍ය පැවැත්මට එරෙහි බරපතළ පාපයක් බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එහිදි පැවසුවා.

මවකගේ ගර්භාෂය තුළ පිළිසිඳ ඇත්තේ මිනිස් ජීවි කළලයක් බවත් , එය විනාශ කර දැමීම නොමේරු මිනිස් ජීවිතයක් ඝාතනය කිරීමක් බවත් පාප්තුමා පවසා සිටියා.

ලොවපුරා විසිරි සිටින බිලියන 1.4 ක් වූ කතෝලික ජනගහණයෙන් මිලියන 52 ක් ඇමරිකානුවන් වනවා.

ඒ අයට තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන ලෙසයි පාප්තුමා මතක් කළේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *